Cult of Chucky (2017) with Sinhala Subtitles (2024)

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචාමර සම්පත්චිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Sep 26, 2017විමා - Admin

Cult of Chucky (2017) with Sinhala Subtitles (1)ඔන්න එහෙනම් ආයෙමත් වතාවක් ඔයාලව මුණගැහෙන්න අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන. Cult of Chucky (2017) නොහොත් Chucky චිත්‍රපට මාලාවේ හත්වැනි චිත්‍රපටය අරගෙන. මේක බාර අරගෙන කරන්න ගත්තට මොකද ලේසි වුණේ නෑ. මාරම කට්ටක් තමයි කන්න වුණේ. මොකද සබයි ලිපියයි ඉවර කරලා සෝදුපත් බලන්න ලෑස්ති වෙද්දී තමයි බ්ලුරේ වලටයි හොද උපසිරැසියකුයි නිකුත් වෙලා තිබුණේ. ආපු පළවෙනි ඉංග්‍රීසි උපසිරැසියට තමයි සබ කලේ. ආපු පලවෙනි උපසිරැසිය නිසා සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ. 90%ක්ම වගේ තිබුනේ චිත්‍රපටියේ කියන දේ නෙවෙයි. ඒ නිසා ඉතින් මේක කරන්න ගත්ත වෙලාවේ ඉදන් හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන එකම ලයින් එක සෑහෙන්න වතාවක් අහලා තමයි සබ කලේ. චකීගේ හිනාව තාමත් මගේ ඔලුවේ නිකනුත් ඇහෙනවා ඇහෙනවා වගේ දැන් නම්. බොරු නම් අරන් බලන්න මේක වෙනත් භාෂාවක් යොදාගෙන නිකන්ම මෘදුකාංග හරහා පරිවර්තනය කරපු ඉංග්‍රීසි උපසිරැසියක්. අනික මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් නිකුත් වුන පිටපතක්. එහෙම දේවල් නම් ඕන තරම් වෙනවා. මුලින්ම නිකුත් වුණේ Unrated DVD කොපියක්. දැන් අහන්න එපා කැමරා කොපිද කියලා. කෑලි හැලිලා නැහැ. සම්පුර්ණ කොටස් ඔක්කොම ඇතුලත් කරපු එකක්.මුලින් ඩිවිඩි පිටපත් ගත්ත අය දුක් වෙන්න එපා. මොකද ඒ අයටයි අගහරුවදා උදේ නිකුත් වුනු බ්ලුරේ වලට හරි යන්නයි උපසිරැසි දෙකක්ම මං අමුණලා එවනවා ඔන්න.

Chucky කිව්වම නොදන්නා කවුරුත් ඉන්න විදිහක් නැහැ. මං නම් පොඩි කාලේ ඉදන් කිව්වේ හොල්මන් බෝනික්කා කියලා. මට නම් තාමත් මහකයි 2010 කාලයේදී චකීගේ චිත්‍රපට පහ බලන්න මාර කට්ටක් කෑවා. මොකද මේක හොයාගන්න ලේසි වුණේ නෑ. 4 IN 1 කලෙක්ෂන් වුනත් හොයාගන්න සැහෙන්න අමාරු කාලයක්. යාලුවෙක්ගෙන් ඉල්ලන් තමයි බැලුවේ. දැනට කලින් චිත්‍රපට 6 ක් නිකුත් වුණා. Child’s Play (1988), Child’s Play 2 (1990), Child’s Play 3 (1991), Bride of Chucky (1998), Seed of Chucky (2004) වගේම Curse of Chucky (2013). අවුරූදු හතරකට පස්සේ තමයි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම පිටපතේ වැඩ කටයුතුත් Don Mancini අතින්ම සිදු කරලා චකී නොහොත් හොල්මන් බෝනික්කා ආයේ තිරයට ආවේ Cult of Chucky (2017) නමින්.අවුරුදු ගානක චිත්‍රපට පහට පස්සේ පොඩි පසුබැස්මක් කලින් චිත්‍රපටයේ සිදු වුණා. නමුත් ඒවා නිරාකරණය කරමින් ආයේ පොඩි වැඩි දියුණුවක් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබුනා මට නම්. චකීගේ මිනි මැරිල්ල නම් මේ චිත්‍රපටිය තුලින් සුපුරුදු පරිදි දැකගන්න පුලුවන්. IMDb දර්ශකයේ මේ වෙද්දී 6.2/10 අගයක් ලබාගෙන තියෙනවා. තරුණ ඇන්ඩි සදහා Alex Vincent තමයි දායක වුණේ. Curse of Chucky චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් වල එහෙම හිටියා. ඒවගේම පහුගිය චිත්‍රපට දෙකකම රංගනයෙන් දායක වූ Jennifer Tilly මේ කතාවේ ටිෆිනි විදිහට දැකගන්න පුලුවන්. මිට පෙර චිත්‍රපටයේ දැකගන්න ලැබුණු Fiona Dourif මේ චිත්‍රපටිය තුලිනුත් නීකාගේ චරිතයෙන් දැකගන්න හැකියාව ලැබෙනවා. චිත්‍රපටය නිකුත් වීමට නියමිත දිනය වෙලා තියෙන්නේ 2017 ඔක්තෝබර් 24 වැනිදා. සුපුරුදු ආකාරයෙන් Horror, Thriller කියන කැටගරි වලට අයත් වෙනවා. පැයකුත් විනාඩි තිහකුත් පුරාවටම සුපිරි ත්‍රාසජනක අත්දැකීමක් දැකගන්න හැකියාවක් ලැබෙනවා. ඒවගේම හුගක් ස්තුතිවන්ත වෙන්න ඕන හසා අයියට මට මේ චිත්‍රපටය ලබා දීම සම්බන්ධයෙන්.

කලින් වෙච්ච සිදුවීම් එක්ක නිකා ඉන්නේ ලොක්මෝර් කියන මානසික රෝහලේ. නමුත් දිගින් දිගටම ප්‍රතිකාර කිරීමත් එක්ක පසුව එයාව හැරෝගේට් කියන මානසික රෝහලට මාරු කිරීමක් කරනවා. එයාට තාමත් ඇවිදින්න බැහැ. නිකාගේ මුළු පවුලම ඝාතනය කරලා දැම්මේ නම් චකී. ඒත් නිකා කියන්නේ හිනෝත්මාදයෙන් පෙලෙන කෙනෙක් නිසා කිසිම කෙනෙක් එයා කියන දෙයක් විශ්වාස කරන්නේ නැහැ. නීතියට අනුව එයා වැරදිකරු වෙලා ඉවරයි. කලින් චිත්‍රපටියේ ඔයාලට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මතකද දන්නෙත් නෑ. අන්තිමට ඇන්ඩිගේ උපන්දිනේ දවසට එයාගෙම ගෙදරට ටිෆිනි එවලා තිබුනා චකීව පෙට්ටියක දාලා ඇන්ඩිව මරලා දාන අදහසින්. ඒත්`එයාට ඒක කරන්න ලැබුනේ නැහැ ඇන්ඩි ඉස්සර වුන නිසා. එතනින් එහාට මුකුත් පෙන්නුවේ නෑනේ. ඒත් මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුලුවන් වේවි අර අපි දන්න පරණ චකී. ඇන්ඩි එයාව අල්ලගෙන කදෙන් ඔලුව වෙන් කරලා, ඔළුව වෙනම ලී කුට්ටියක තියලා ගැට ගහලා. ඒත් තාමත් පණ තියෙනවා. ඇන්ඩි කියන්නේ හුගක් අදුරු ඉතිහාසයක් තියෙන හුග දෙනෙක් එයාට වෙච්චි දේ දන්න කෙනෙක්. මේ නිසාම ඇන්ඩිගේ ආදර සම්බන්ධතා නම් හරියන පාටක් නැහැ. මොකද පෙම්හමුට එන කෙනා පවා මෙයා ගැන කලින් ගූගල් කරලා බලලා තමයි එන්නේ. කොහොම හරි මෙතෙක් කාලෙකට වෙච්ච හැම සිදුවීමකට පස්සේ මිනිස්සු විශ්වාස කරන්නේ චකී කියලා සෙල්ලම් බඩු කිහිපයයි ඉතිරි වෙලා තියෙන්නේ කියලා. ඒත් එහෙම නැහැ. මොකද තවත් හුගක් චකීලා මේ චිත්‍රපටය තුලින් දැකගන්න පුලුවන්. චකී එන්නේ එයාගේ එකම ගොදුර වෙච්ච නීකාව හොයාගෙන. ඒ මොකට වෙන්න පුළුවන්ද? එතකොට චකීලා ගොඩක් ඉන්නේ කොහොමද?

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. මේ චිත්‍රපටය අවසානයේදී පවා අපිට තවත් චිත්‍රපටයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියන අදහස ඉතිරි කරලා තියෙනවා. ඒ නිසා හරියට අවසානය වෙනකන්ම බලන්න. බ්ලුරේ කොපියත් තියෙන නිසා එක සැරේම බලලා දාන්න ලෙහෙසි වේවි. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජය!

Cult of Chucky (2017) with Sinhala Subtitles (2)

Cult of Chucky (2017) with Sinhala Subtitles (3)

Due to copyright issues, we do not provide any torrent links

Cult.of.Chucky.2017.UNRATED.720p.BluRay.x264-ROVERS

Cult.of.Chucky.2017.UNRATED.1080p.BluRay.x264-ROVERS

Cult of Chucky 2017 UNRATED DVDRip XviD AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.

Download “Cult-of-Chucky-2017.zip”Cult-of-Chucky-2017.zip– Downloaded 20008 times– 96.60 KB

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
Cult of Chucky (2017) with Sinhala Subtitles (4)
PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
Cult of Chucky (2017) with Sinhala Subtitles (5)

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Cult of Chucky (2017)  with Sinhala Subtitles (2024)
Top Articles
Latest Posts
Article information

Author: Aron Pacocha

Last Updated:

Views: 6438

Rating: 4.8 / 5 (68 voted)

Reviews: 83% of readers found this page helpful

Author information

Name: Aron Pacocha

Birthday: 1999-08-12

Address: 3808 Moen Corner, Gorczanyport, FL 67364-2074

Phone: +393457723392

Job: Retail Consultant

Hobby: Jewelry making, Cooking, Gaming, Reading, Juggling, Cabaret, Origami

Introduction: My name is Aron Pacocha, I am a happy, tasty, innocent, proud, talented, courageous, magnificent person who loves writing and wants to share my knowledge and understanding with you.